දගකාර නෙතු පුරාdhagakaara nethu puraa

Dagakara Nethu Pura

ඇල්බමය
Amila Nadeeshani
සංගීතය:
අජිත් සංජීව පෙරේරාajith sanjiiwa pereeraa
පද රචනය:
හසිත හේමාල් ජයසිරිhasitha heemaal jayasiri

ගී පද

දගකාර නෙතු පුරා..
නොකියා කියූ කතා..
මගෙ හීන මාවතේ ඉදන්
ඇයි රැවටුවේ මේ තරම් ..
ඒ වේදනා.. ආයෙත් එපා..
තනිවී හිදින්නම් සදා..

දුටුව හැම හීන පුරා
මැවුනෙ ඔය දැස නුරා
ලෝබ හිතුනා.. හීන බොද වේවි කියා
කෝල සිනහා.. හාදු වරුසා..
ඒ හීනයේ ඔබගෙනා..
ආයෙත් පතන්නෑ නෙ මා..

සැනසෙන්න අපේ කියා
ලොවක් ගැන මැවූ රටා 
මකාදැමුවා.. හීන ලඟ දෑස තෙමා
හීන ගෙනෙනා.. ආදර කතා..
මේ ජීවිතේ කිසිම දා..
ආයෙත් පතන්නෑ නෙ මා..