ගී පද
දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු
මිදෙමි දැහැනින් හැඟුමන් පාමුල සිත් වාරු බිඳෙයි ඔබ ලඟ මියුරු
සේද වළා අතුරාලා සඳ පායා ඇති රෑ තුරුලේ ගෙවමු
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමු වීමයි හිමිවූ...
මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී තව ලං වී පෙමින් දම් ගොතමි
ගිම්හානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමි සදාකල් හිඳිමී
තරු යායේ පුරා හඳ වාගේ වළාවක මාගේ ආලේ ලියමි
සේද වළා අතුරාලා සඳ පායා ඇති රෑ තුරුලේ ගෙවමු
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමු වීමයි හිමිවූ...
දෑත දරා....