දෑසේ චායා dhaesee chaayaa

Daase chaayaa

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

දෑසේ චායා මේ රෑ අහසේ පායා
මේ රෑම ඈ සිහිවෙනා සුසුම රහසේ වෑහෙනා
සිතේ ඈ හා ආදර සිහිනේ සිහිවෙනා
ඒ දෑත දේවි ඈ කියා
ආයේ මා නාඬනා
	
පායනා රෑ හීනේ ආයාචනා
සිත තාම මාගේ හීනේ වෙලී
දෑස දැක මාගේ ආරාධනා
එනවා කියා සිතමි මෙමා සොයාලා

මුමුණාද සිහිනේ ආශා වෙලා 
සනසාද ආයේ මාගේ වෙලා 
සිත පාරලා සැඟවී නොයා 
දෙනවාද ආදරේ 

පැතූ ඒ සිනා දෙතොලේ මවා
දෙනවාද ඒ ජීවිතේ

දුර ඈත පාවී යායේ සරා
මට දෑත දේදෝ කාලේ පුරා
පිදු වේදනා සඟවා තියා
දෙනවාද ඒ ආදරේ 
 සඳ පීදෙනා රැයෙහි පවා
නුඹ වේද මගේ ජීවිතේ