දෑසගින්dhaesagin

Daasagin

සංගීතය:
සුනෙත් කැලුම්suneth kaelum
පද රචනය:
හසිත හේමාල් ජයසිරිhasitha heemaal jayasiri

ගී පද

(දෑසගින් හොරෙන් බලාවී
ආදරේ හැඟුම් මවාවී
මා ළඟින් ඉන්න තුරුල් වී
හේතු කාරණා කියාවී...//)

කෝලකම් පෑ නුඹේ ලෝබකම් මට දැනේ
හමුවෙනා හැම භවේ ආදරේ නුඹ මගේ

මා ළඟින් දැවටිලා 
මුදු හැඟුම් තවරලා
ජීවිතේ මේ තමයි 
කියූ හැටි මැවෙනවා
ස්නේහයෙන් නුඹ ගෙනා 
මා ඉතින් නිවෙනවා
ජීවිතේ විඳිනවා

කෝලකම් පෑ නුඹේ....

ඇරඹුමයි මේ අපේ
තව දුරයි ජීවිතේ
හිඳින්නම් ආදරෙන්
හුස්ම සේ පපුතුරේ
මේ හිතේ තනි මැකූ
ආදරේ දැනෙනවා
ජීවිතේ විඳිනවා

කෝලකම් පෑ නුඹේ....//
දෑසගින් හොරෙන් බලාවී....//
කෝලකම් පෑ නුඹේ....