දෑස් මාගේදෝdhaes maageedhoo

Daas Magedo (Despacito Sinhala Version)

ගී පද

රුසිරී මන බඳිනා පෙම්වතිය මාගේ 
ආවා ආවා පවනේ ඈ පාවී 
මේ සංසාරේ ආලේ නුඹ මාගේ 
නෑනේ නෑනේ වෙන්වී නොම යන්නේ 

ඔව් මා හදවත ළඟ මේ වෑහෙනා
ආදර ගඟුලකි උතුරනා 
ඔබ මට කවියකි රිදවනා මේ 
ඈ සිප ගන්නට සිත් දෙනා 
දෙනෙතින් කියනා රස කතා 
මිහිරිම සුවඳක් කැන්දනා මේ  

දෑස් මාගේ දෝ සදහට මා ළඟ නවතීදෝ 
ඔබ මා හද සදා රැඳේදෝ 
මා හිමිකාරිය නුඹ නේදෝ 

(හදවත ගැහෙනා තාලය මාගේ නේදෝ 
කෙලෙසද කවදා කොහේදෝ
ඔබ හුස්මක දුරයි නේදෝ...//) 

සීතම සීතේ සඳකැන්ම සීතේ   
ඔබවත සැඟවී සැඟවී යාදෝ
ඔබ මගෙ වේවා හද කිති කැවෙනා  
අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා                  
 
දෑත මා ලඟ නවතීදෝ 
ඔබ මා හද සදා රැඳේදෝ 
මා හිමිකාරිය නුඹ නේදෝ 

සීතම සීතේ සඳකැන්ම සීතේ   
ඔබවත සැඟවී සැඟවී යාදෝ
ඔබ මගෙ වේවා හද කිති කැවෙනා  
අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා