ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්krikat saenakeliyak aewith

Cricket Sanakeliyak Awith

ගී පද

ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්//
ක්‍රිකට් සැණකෙළියක්...
රටේ කොයි කව්රුත් නටයි ඇවිල්ලා 
විකට් ගැලවිල්ලක් කරයි 
විකට් ගැලවිල්ලක්...
ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්//
ක්‍රිකට් සැණකෙළියක්...

හයේ වැස්සක් වස්සාලා ජවයක් දුන්නා 
බලේ කව්රුත් පෙන්නාලා දිනුමක් ගත්තා 
ශ්‍රී ලංකා...
මයියා සන්සුන් තාලෙන් සිටින්නා 
සංගා හීසරයක් සේ බඳින්නා 
තිලා කෑ ගොස් සන්දී නදින්නා 
දිනුම අප වෙත හරවා මොළෙන් 

තිසරේ ගහපු හයේ පාර මම දැක්කා හඳ ගාව 
මාලිංගගේ බොලේ ගාව දණ ගහනවා හෙලිකොප්ටර් 
සංගා මයියා එක්ක දිල්ෂාන්ගේ හැඳි 
ඔන්න වැන්දා මෙන්න දෙවියනි හයිය දෙන්න 

මාලිංග වැරෙන් ගිනි බොලේ යවන්නා 
හේරත් අයියා ඇවිත් දෙයි දුෂ්රා අතින් කටින් 
තිරිමාන්නා ගහන්නා කුසලානේ ගේන්නා 
ශ්‍රී ලංකා නමින්නා කෑ ගස්සා 

හයේ වැස්සක්...

ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන් 
තිසර ජය ඝෝෂා දී රංගන්නා
කුලේ පා විස්කම් බෝ ලෙසිනා 
කොල්ලෝ පිටියම කළඹා 

හයේ වැස්සක්...

ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන් 
තිසර ජය ඝෝෂා දී රංගන්නා
කුලේ පා විස්කම් බෝ ලෙසිනා 
කොල්ලෝ පිටියම කළඹා 

ශ්‍රී ලංකා...////