ක්‍රිකට් ලොවේ අපේ කොල්ලෝkrikat lowee apee kolloo

Cricket Lowe Ape Kollo

ගී පද

(ක්‍රිකට් ලොවේ අපෙ කොල්ලෝ 
විකට් එකේ රජ ගොල්ලෝ 
දස්කම් පානවා මෙහේ 
හයේ පහර එක එල්ලේ 
ගසා දුවති තණ නිල්ලේ 
ලංකාවත් ලොවේ දිලේ...//)

හතරේ පහරවල් බලා 
දස්කම් පානවා බලා 
ජය පැන් සාගරේ ගලා 
උතුරයි සිව් දෙසින්ම ඔල්වරසන් නාදේ 

ක්‍රිකට් ලොවේ....

ජය පැරදුම එකයි පිලේ 
සමගිය තමයි ගරු කළේ 
ලක්බිම ලෝකයේ දිලේ 
උතුරයි සිව් දෙසින්ම ඔල්වරසන් නාදේ 

ක්‍රිකට් ලොවේ....//