කවුන්ට් ඩ්‍රැකියුලාkawunt draekiyulaa

Count Dracula

ගී පද

සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //

මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

අන්ධකාරයේ හිනාව 
දෝංකාරයේ ගෙනාව
මළවුන්ගේ රාජධානියේ
වැන් හෙල්සිංගේ වෙලාව 
මගේ ලොවේ අවේලාව
වවුල් වෙසින් මං වැජඹෙන්නේ //

මම එනවා අඳුර මැදින්....

සමාදානයේ සැතපෙන
මිනී වලේදී හිනැහෙන
අයගෙ රජා මමයි යාළුවේ
වොර්ක රෑනගේ සහාය
මගේ තනිය නැති කළේය
රුහිරු බොමින් මං සැනසෙන්නේ //

සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //

මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා