චූූටි දූ තේමා ගීතයchuuti dhuu theemaa giithaya

Chuti Doo Theme Song

ගී පද

(සඳ හැංගී  අම්බර්රේහි තරු තනිවී හඬයි මෙයාමේ   
සුව දැනුනේ ඔබගෙ තුරුලේ මා හදෙහී සිනා මවාලා)..//
ඔබෙ සෙනෙහේ දැනුනු කාලේ හිස අතගා නැලවූ තාලේ  
ඒ ආදරේම සිහිවේ මා තනිවී මේ භවේ 
(මා අම්මේ ඔබ තුරුලේ ඔබ අම්මේ නෑ මා දුටුවේ)..//

(රෑ සීතේ තනිවී මා ඔබ නෑ මා ලඟින් සිනාසී 
මගෙ අම්මේ ඔබගෙ සෙනෙහේ තරු අතරේ හැංගිලාදෝ)..//  

මං ඉන්නේ ඔබගෙ ලෝකේ තනිවී මා හඬන වේලේ 
ඒ ආදරේම සිහිවේ එනවාදෝ මා සොයා 
(මා අම්මේ ඔබ කොහෙදෝ)..////

(හද ගොලුවී නිහඬ වේවී ඔබෙ සිනහා සිතේ මැවීලා          
මා තනිවී අඳුරු යාමේ ඔබෙ මතකේ හදේ රැඳීලා).//
ඔබේ තුරුලේ රැඳුනු කාලේ සුරතල්වීරැඳුනු වේලේ  
ඒ ආදරේම ඔබගේ මා ජීවිතේ වෙලා   
 
(මා අම්මා ඔබේ චූටි දුවේ 
ඔබ අම්මාගේ නෑ තුරුලේ)..// 

සඳ හැංගී  අම්බර්රේහි....