ගී පද
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ... අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා තනිවී
සිසිලෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
(සිසලක් ලෙසින්) ඔබ මා හද පුබුදු කලේ
වසන්තයයි මා ගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි රහසේ හැඟේ
සිතේ නිසංසලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනි වී
චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
සිසලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ