චන්ද්‍රපාණීchandhrapaanii

Chandrapani

සංගීතය:
යසස් මැදගෙදරyasas maedhagedhara
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

සප්න ගානේ දෑස පේනා
චන්ද්‍රයා මේ පහස ගේනා
චන්ද්‍රපාණී ආදරෙන් වෙලා
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා
හුස්ම සේලේ රැස්ම ආශා
මන්දහාසේ ආ සඳේ මා
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා
හෘදේ වෑහී රූ හැඟුම් සේනා...

රෑ දිවා ඈ නිසා
ආශා තේරුනා මේ සොබා
රෑ දිවා මා බලාලා ප්‍රේමිනා
ඈ සිනා දෑස ලංවීලා...

රෑ දවා සිත් පෙලා
ඉන්නේ කෝමදෝ වෙන්විලා
දෑස මානේ දාලා 
වෙන්ව යන්නේ නෑ හැරදා
එන්න ප්‍රේමියේ ඉන්න ලංවීලා
මා හා බැල්ම මානා 
එන්න ලංවී ආදරේන් පාලා
ආදරේන් දෑස ලංවීලා
ආදරේන් ආදරේ වීලා...

රෑ පුරා පෑ නුරා
රෑම සිත්තම් වේ පෙම් සීලා
අහසේ වාගේ සිහින මැව්නේ
රෑ පුරා නොනිදා හුස්ම ගානේ ගැස්ම යාවීලා
මා හා බැල්ම මානා 
එන්න ලංවී ආදරේන් පාලා
ආදරේන් දෑස ලංවීලා
ආදරේන් ආදරේ වීලා...

සප්න ගානේ දෑස පේනා...

රෑ දිවා ඈ නිසා
ආශා තේරුනා මේ සොබා
රෑ දිවා මා බලාලා ප්‍රේමිනා
ඈ සිනා දෑස ලංවීලා...

[දහසක් ගොඩනැගිලි අතරේ
ඔබ මගේ නවාතැනයි
මට ජිවත්වෙන්න හිතෙන තැන
මට ජිවිතය දැනෙන තැන
මගේ ජිවිතය තියෙන තැන]