චන්ද්‍රා මේ රෑ පායා ආවාchandhraa mee rae paayaa aawaa

Chandra Me Ra Paya Awa

ගී පද

චිත්‍රපටය: සත පනහ (1965)

චන්ද්‍රා මේ රෑ පායා ආවා 
හර්දේ පෙමින් නාව නාවා 
මේ ආදරේ වාසනාවන් 
දුක් වේදනාවන් නිවේවා ...//

ඔබගේ සිනාවෙන් මුලාවී 
මේ රැ පවා මල් පිපේවි 
රන් තාරකාවෝ සිනාසේ 
ප්‍රේමේ අමා ගී ගයාවි 
ආසාව ආවාද මෝරා 
හැමදාම ඔබ මාගේ වේවා 

චන්ද්‍රා මේ රෑ පායා ආවා .../

සතුටයි සැපයි ඔබය මාගේ 
ඔබ පෙම්වති පෙම්වතාගේ //
අරගන්න ඔබෙ දෑතේ සුරතල් 
දෛවේ මගේ පිහිට වේවා...

චන්ද්‍රා මේ රෑ පායා ආවා... //