චන්ද්‍ර මඩුළු යටchandhra madulu yata

Chandra Madulu Yata

ගී පද

චන්ද්‍ර මඩුළු යට  සුරංගනාවන් - දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්ට - මේ නැළවිලි ගී මමයි ගයන්නේ

රන් තැටියක කිරි පැණි පුරවාගෙන - හඳහාමි  දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්ට - හඳහාමි කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹේ ගගේ ගියාලූ - ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්ට - මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ