ගී පද
චිත්‍රපටය: දෙවැනි ගමන (1984)
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ.../
උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ.../