චාරූchaaruu

Chaaru

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

නිදුක් සුව පතා මතක් කර ඔයා 
කලේ දිනපතා මං සිතින් භාවනා
ළඟින් ඔබ තියා හිසත් අත ගගා 
ඔබේ රුව බලා මං හුඟක් සැනසුනා

(නුඹ ඉරුවත් හිත මේ තීරූ 
සුව නොවුනත් හදවත හීරූ 
මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..//

කැමතියිද අහපු මුල් දවසට ආයේ දුවමු
ඒ කාලේ වවපු ගස් වල මල් ආයෙත් කඩමු 
සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා
හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා

(නුඹ ඉරුවත් හිත මේ තීරූ 
සුව නොවුනත් හදවත හීරූ 
මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..//

නැවතීමේ ළකුණු මතකයි ඔබ මට ඉඟි කරපු
සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසු 
සුළඟක් වී රහසේ හමලා සුවඳක් වී නාසේ ගැටිලා
හුස්මක් වී ගැඹුරේ රැඳුනා ආදරෙන් පෙරදා

(නුඹ ඉරුවත් හිත මේ තීරූ 
සුව නොවුනත් හදවත හීරූ 
මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ)..////