බස් එකේ දැක්කේbas ekee dhaekkee

Bus Eke Dakke

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

ගී පද

බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ.. 
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..

වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ.. 
මැවේවි හයිලෙවල් පාරේ..

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා 
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
සාරි අදින - ස්කර්ට්ස් අදින 
සුරගනක්ද ඔෆිස් යන්නෙ...

වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ...

බස් එකේ දැක්කේ...//