බොන්ජෝර්නෝbonjoornoo

BUONGIORNO

සංගීතය:
දුෂාන් ජයතිලකdhushaan jayathilaka
පද රචනය:
මැක්ෂි ජයවීරmaekshi jayawiira

ගී පද

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ...(ඊයෝ බේනේ)//

ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියා
උකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියා
බැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියා
ශ්‍රී ලංකන් ගැන කියන්න වචන මදිනෙ ලියා

බොන්ජෝර්නෝ...

ඉතාලි බස බැරුව මල්ලී රස්සාවල් නැතේ
හය මාසය ගතවෙනකොට සතයක් නෑ අතේ
බස හුරුවෙන කොට දැන්වෙන අමුතු කතා ඇතේ
කොලේ නැතුව රැකියාවල් දෙන්නෙ නෑලු පුතේ

NO DOCUMENTHO,
NO LAVORO...

සමහර අය හට සිංහල අමතක වෙලා වගෙයි
අඹුදරුවන් හිටියට දැන් තනිකඩයෙක් වගෙයි
මේ තනිකම විඳ ගන්නට හිත කම්මැලි වගෙයි
තහනම් පල කනකොට දැන් තනිකම හොඳ වගෙයි

බොන්ජෝර්නෝ...

සල්ලි හොයන් තමන්ගේ දරු පවුල රකින්න
පුංචි ගෙයක් හදන් එතුල සතුටින් ඉන්න
ගමේ ගිහින් එපා ඔළුව ලොකු කරගන්න
මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වන්න...

BASTA! BASTA!
CON LE DONNE
MIAMORE...

ගෝර්දියානු ජර්දිනේ කාසා පුලීට්සියා
අවුරුදු දහ අටක් ඇදලා ලංකාවට ගියා
ගෙදර හිටපු සේරමල්ලා ඉතාලියට ගියා
ගෙනත් දැම්මා ඒගොල්ලොත් කාසා පුලීට්සියා..

කාසා පුලීට්සියා

බොන්ජෝර්නෝ...