බුලත් හුරුල්ලට මැද්දෙන්bulath hurullata maedhdhen

Bulath Hurullata Madden

සංගීතය:
සකුරා රංගsakuraa ranga

ගී පද

බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගේ රුව මැවුනා
ඔබේ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා  
මේ පුතාගේ දිව්‍ය ලෝකේ වෙන කව්රුත් නැති හන්දා 
මංගල දවසෙත් ඔබේ ගුණ සිහි කර කර  මං වැන්දා 

නැහැ ඔබ අද මගේ ලස්සන දකින්නට  
මගේ අතගෙන පෝරුවේ නග්ගවන්නට 
කළ කී දේ මා මිනිසෙක් කරන්නට 
අප්පච්චියේ බෑ අමතක කරන්නට 

බුලත් හුරුල්ලට...

අවසන් මොහොතේදී ඔබ කිවූ වදන් පෙළ 
යන්තම්වත් නෑ හිතකින් ඈත් කර 
අම්මායි නංගියි ඇස් දෙක වගෙයි මට 
කවදාවත් දෙන් නැහැ දුක් විඳින්නට 

බුලත් හුරුල්ලට...