බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණාbulath hurullata maedhdhen appachchige ruwa maewunaa

Bulath Hurullata

ගී පද

බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා
ඔබෙ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා
මේ පුතාගෙ දිව් ‍ය ලෝකෙ වෙන කවුරුත් නැති හන්දා
මංගල දවසෙත් ඔබෙ ගුණ සිහි කර කර මං වැන්දා

නැහැ ඔබ අද මගෙ ලස්සන දකින්නට 
මගෙ අත ගෙන පෝරුවෙ නග්ගවන්නට
කල කී දේ මා මිනිසෙකු කරන්නට
අප්පච්චියෙ බෑ අමතක කරන්නට
 
අවසන් මොහොතේදි ඔබ කියු වදන් පෙල
යන්තම් වත් නෑ හිතකින් ඈත් කර
අම්මයි නංගියි ඇස් දෙක වගෙයි මට
කවදාවත් දෙන්නෑ දුක් විදින්නට