ගී පද
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා
බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා
මට බුදු සුවඳ දැනේ අම්මා යන අකුරු තුනේ
ඔබේ මහ කුළුණු ගුණේ මහිමෙනි ලෝකය මැවුණේ
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා //
දස මස කුස දරලා මෙලොවට මා බිහිකරලා
ලේ කිරිකර පොවලා පණ සේ මා දැඩි කෙරුවා //
ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා //
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා //
නෑ සෙනෙහසක සුවේ මව් සෙනෙහස වගේ ලොවේ
තව පදවියක් නොවේ මව් පදවිය වගේ ලොවේ //
ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා //
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා
බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා