බුදු සාමිනේbudhu saaminee

Budu Samine

සංගීතය:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

බුදු සාමිනේ සිරි පා පියුම් කරමි වැටී පිනි පා//
ගුණෙනී සොමී සෙත පෑ හිමි කරුණා සුවේ සතපා 
කරුණා සුවේ සතපා
බුදු සාමිනේ සිරි පා පියුම් කරමි වැටී පිනි පා....

කුලය වතගොත ධනය නිලතල නොබැලු කිසි දවසේ  
සලකා නොබැලු කිසි දවසේ 
දිළිඳු වතු පැල පුරුදු රජ ගෙය සියලු තැන සමසේ 
සලකූ සියලු තැන සමසේ....

ගුණෙනී සොමී...

අඳුර සිඳ බිඳ එළිය දෙන ලද දහම් ආලෝකේ 
දෙන ලද දහම් ආලෝකේ 
ඔබය තරුපති ඔබය දිනපති නිබඳ තුන් ලෝකේ 
දිනපති නිබඳ තුන් ලෝකේ.....

ගුණෙනී සොමී...//