ගී පද
බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම් මම
සමන් වැලක් වෙන්නම්//
ඔබගේ පාමුල සමන් වැලක් වී//
සුවඳ මලින් සැරසෙන්නම්//
බුදු සාදු...
ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී//
සිසිල සෙවණ රඳවන්නම්//
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම් මම
නෙළුම් මලක් වෙන්නම්
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ//
මුදු පා පිස්නක් වෙන්නම්//
බුදු සාදු...
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම් මම
නෙළුම් මලක් වෙන්නම්