බුදු පුතේ වෙසක් සඳ වාගෙයිbudhu puthee wesak sanda waageyi

Budu Puthe Wesak Sada Wage

ගී පද

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව.....

අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවේ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා.....

බුදු පුතේ......

සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගේ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනේ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත.....

බුදු පුතේ......