බොරු චෝදනාboru choodhanaa

Boru Chodana

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

බොරු චෝදනා මවා මට හැමවෙලේ 
සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි
යන්තම් සානුකම්පාවක් ඇති නම් සිතේ
ඔබ නෑ මාව රිදවන්නේ අද මේ වගේ
අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා
මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා 
නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා 
අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා.....

ඔබව නැති ලොවක් පෙනෙන 
සිහිනෙකත් දුටුවේ නැති නිසා මම එදා
(නැවත හෙට ඉඳන් බිඳුණු හිත හදන් 
ඉන්නේ කොහොමදෝ තනිවෙලා....//)
අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා
මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා 
නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා 
අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා.....

මතක පොදි බැඳන් චිතකයක් හදන් 
එයට ගිනි තියා දල්වලා
කොහොම අළු කළත් ඔබව 
මතකයෙන් දුරස් වෙන්නේ නෑ කිසිමදා.....

බොරු චෝදනා.....