බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්නboralu aenena paya ridhawana wehesa madhak niwaaganna

Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna

ගී පද

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුට මුහුණ අපට ටිකක් හොදින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහින් නිදිවැරුවා....
කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී
ඒ සදුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා ....
අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වඩී 
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසු කොබෙයි ....
රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වගේ
නුඹට වගේමයි අපටත් දුක් පිඩා විඩා ‍දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී ....
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිද හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ

බොරළු ඇනෙන ....