බෝපත් අතරේboopath atharee

Bopath Athare

සංගීතය:
බිබිලියාදෙණිය මහානාම හිමිbibiliyaadheniya mahaanaama himi
පද රචනය:
ඇහැලේපොල මහින්ද හිමිaehaeleepola mahindha himi

ගී පද

බෝ පත් විසිරී විසිතුරු මළුවේ 
මල් ගොමු සුපිපේ බුදු රුව හමුවේ
සුදු රෙදි සුදිනේ මහ වෙහෙරේ
ගම්මානේම අද සිල් සුවඳයි
(බුදු හාමුදුරුවනේ.......////)

තරු පෙති සඟවා පුන් සඳ පායා
කුමුදු මලින් ලෝ සුවඳින් නහවා
බුදු හිමි පා මුල පහන් දිලෙනවා
ගම්මානේම අද පින් පාටයි 
(බුදු හාමුදුරුවනේ.......////)

කෙලෙස් මලින් ලෝ සත මුදවා
සව් සත සසරින් එතෙර කෙරූ
සම්බුදු හිමියන් වැඩියා වාගේ
ගම්මානේම ලෝ තුරු සුවඳයි 
(බුදු හාමුදුරුවනේ.......////)