බෝනික්කා තරහා වෙලාboonikkaa tharahaa welaa

Bonikka Tharaha Wela

ගී පද

බෝනික්කා තරහා වෙලා
පොල් කටු ටික බිම දාලා
මගේ සෙල්ලම් ගේ කැඩිලා
කරදර මට ගොඩ ගැහිලා...//

උදේට පොත් ගොඩක් අරන් 
ඉස්කොලේ මා යනවා//
අකුරු ලියනවා ගණන් හදනවා//
ලියලා ලියලා අනේ මගේ අතත් රිදෙනවා//

පන්තියේ වැඩ පාඩම් වැඩ
ටියුෂන් වැඩ අමතර වැඩ
මේ ඔක්කොම වැඩ වැඩි වී
ඔලුව රිදෙනවා...//

ගෙදර ආපු වෙලේ ඉඳන් 
අම්මාගේ කරච්චලේ//
කොච්වර පාඩම් කෙරුවත් 
අම්මා බනිනවා තව මදී කියනවා...//

අනේ මගේ සුදු අම්මේ 
මම තාමත් පොඩි ළමයෙක්//
ලොකු වුණාම මම ලොක්කෙක්
වෙන්න බලන්නම්//

මගේ පුංචි ළමා ලොවේ 
තරමට මට වැඩ කරන්න//
මගේ නිදහස ලබා දෙන්න
මට මංම වන්න ඉඩ හරින්න...