බොල්පිණි වෑහෙන වේලාවේbolpini waehena weelaawee

Bolpini Waahena Welawe

සංගීතය:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
පද රචනය:
සරත් ප්‍රනාන්දුsarath pranaandhu

ගී පද

බොල්පිණි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල්පිණි වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණි වෑහෙන වේලාවේ....