බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේbol pini waetenaa mee rae yaamee

Bol Pini Watena Me Re Yame

පද රචනය:
විපුල ධර්මප්‍රිය ජයසේකරwipula dhharmapriya jayaseekara

ගී පද

(‍බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ
හිතන්න මට කඳුළැල් පමණයි
අහන්න මිහිරියෙ හද හඬනා හඬ
ම‍‍ගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි)..//

(හඬන්න ඇහැ‍වෙත කඳුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි)..//
ඇහෙන්‍නෙ නැති ‍මේ හද හඬනා හඬ
දකින්න ඇරයුම් ‍‍මේ ඔබටයි

බොල් පිනි වැ‍ටෙනා....

‍(මෙරක් ‍නො‍වේ සිත දුක උහුලන්නට
මලක් උ‍නේ ඔබ පිළිගන්නයි)..//
‍දෙ‍නෙත් ව‍ගේ මම සුරකින ‍සෙ‍නෙහස
මට මේ කඳුළින් දඬුවම් ඇයි

බොල් පිනි වැ‍ටෙනා....//