බොහෝ පෙම් කවි ලියු පසුවද - boho pem kavibohoo pem kawi liyu pasuwadha - boho pem kavi

බොහෝ පෙම් කවි ලියු පසුවද - boho pem kavi

ගී පද

බොහෝ පෙම් කවි ලියු පසුවද 
සියුම් කැපුමක් මෙන් රැඳි
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදි
තියුණු රුදු සැත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇනි
සිඳිනු හැකිවෙද කෙලෙස කි කලෙක
එවන් හදපාරන බැමී

ඉතින් එබැවිනි නවතිමි
හදින් පිටමං නොකරමි.. //

නෙතින් ගිණිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදා කාලික තැවුල් පොදියක
රැඳි හද පෙළුවත් නිති
ලියා අවසන් කවක් කෙළවර
මැතී වියැකීයා නොදී

ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමං නොකරමි..///