ගී පද
යස්සමූලේ නිසින්නෝවා සබ්බාරි විජයන් අකා
පත්තෝ සබ්බං යුදන් සත්තා
වන්දදේතං බෝධි පාදපං
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සැළෙන බෝ පත් සැණින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනැහී
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ....
ළදළු බෝ පත් තෙමා වෑහෙන
රිදී වන් සඳ දියෙන් නැහැවී
දුමිදු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ....