බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා - bo athu ithi namiboo athu ithi naemii naemii saadhhu kiyanawaa - bo athu ithi nami

බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා - bo athu ithi nami

ගී පද

බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා 
දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා 
මෙතැන දහම් පාසැලක් 
ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක් 

පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා 
අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා 
මෙතැන දහම් පාසැලක් 
කහ සිවුරේ ඇසුර ලබන නව තෝතැන්නක් 

රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා 
මෙතැන දහම් පාසැලක් 
හෙළ සිරිතට මුල් තැන දෙන නව තෝතැන්නක්