බිත්ති පත්තරේ කවිය ඔබ ලියූbiththi paththaree kawiya oba liyuu

Biththi Paththare Kawiya

ගී පද

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
කියවා බැලුවා රහසේ හැඩුවා
මට හිතාගන්න බෑනේ
බිත්ති පත්තරේ කවිය කාටදෝ
බිත්ති පත්තරේ කවිය කාටදෝ

පන්තියේ ඈයෝ කිසි වෙනසක් නෑ
හිනැහේ ලන්වෙලා..
හිත රිදුනාදෝ වරදක් වීදෝ 
නොකියා ඉන්නෙපා..
ඉස්සර වාගේ මගෙ වෙනසක් නෑ
අමතක කරනනෙපා ආදරෙයි කියා

පෙර සන්සාරේ එක මග ආවේ 
ඒකයි ලෙන්ගතූ...
අවසන් වාරේ අන්තිම දාමේ 
තරහා වෙන්නෙපා..
නිවාඩු කාලේ හමුවනු බෑනේ 
ලිපියක් එවන්න මට ආදරෙයි කියා 

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ........