බිඟු වැළපිලාbingu waelapilaa

Bingu Walapila

ගී පද

බිඟු වැළපිලා මල් පරවිලා
තරු ගිලිහිලා සඳු සැඟවිලා
අඳුරේ වෙලීලා මඟ නොපෙනිලා
ඇය වෙන්වූවා මා තනි වූවා

මුදු සීත නිල් විල් තලා අසල හිඳිමින්  ලංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැදේ //
මොහොතින්  ඇදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපිලා ....

සිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ //
මොහොතින් අදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපිලා ....