බිඟු බමා බමාbingu bamaa bamaa

Bingu Bama Bama

සංගීතය:
දයාරත්න පෙරේරාdhayaarathna pereeraa
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

බිඟු බමා බමා
පෙති තලා තලා
රොන් උරා උරා
පැන යාවී
ඔබ මුළා වෙලා...

මගේ නෙතු දුටු නීල තරු යුග
හැඟුම් දුන් වග ඔබ දනී
එවන් නෙතු යුග
රිදවලා රවටා
ඔබ හිනැහේනම්
අදහා ගනු බෑ එය නම්
බැඳුණේ මා ඇයි ඔබේ
මායා දැලේ...

ඔබේ කෙළිබිම ඔබේ රඟහල
මගේ සිත බව ඔබ දනී
එවන් හදවත
බිඳ දමා හැරදා
ඔබ කොයි යාදෝ
කවදා ඔබ සැනසේ දෝ
බැඳුණේ මා ඇයි ඔබේ
මායා දැලේ...