බිඳුණු සිත ළඟbindunu sitha langa

Bindunu Sitha Langa

සංගීතය:
කසුන් අනුෂාන්kasun anushaan
පද රචනය:
ඩී සුමිත් තාබ්‍රේව්dii sumith thaabreew

ගී පද

බිඳුණු සිත ළඟ තනිවෙලා මා දෙනෙත් වැලපෙනා
නුඹ දන්නේ නෑ වාගේ මගේ හිතේ තිබු සෙනෙහේ
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)

මතකයන් සිතේ දැවී කඳුළක් වැටේ නෙතින් 
පාළු ලොවක මගේ සෙනේ ඔබමයි තනිකළේ සදා
දුක පිරුණු ඇස් වලින් යන්නේ මගෙන් වෙන් වී ඔයා
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)

ජීවිතේ සැමදා මගේ අඳුරෙන් වැසී ගියේ
කෙදිනක හෝ මගේ ආදරේ වටහා ගනී ඔබත්
ඒ වෙනකන් මං ඉවසන්නේ කොහොමද නොයමි හැරදා ඔයා
මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින්
(මතු භවයක ඔබ මගේ වේවා කියා......//)

බිඳුණු සිත......