බිඳිලා ගිය මාගේ ප්‍රේමේbindilaa giya maagee preemee

Bindilagiya Mage Preme

සංගීතය:
නයන් කුරේnayan kuree
පද රචනය:
හදී හසන්hadhii hasan

ගී පද

බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ
කවදාදෝ ආයෙත් නුඹ මගේ දෙනෙතට හමුවන්නේ
(නොකෙරූ වරදක් නිසාවෙන් අහිතක් ඇයි සිතුවේ
නිහඬව නුඹ මා තනි කර ගිය කාලයමයි ගෙවුණේ......//)
හැඬවුණු සිත යළි සිපගන්නට මගේ හදවත වැලපෙයි......
බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ......

පාඩම් පොත් පිටු අතරේ දුටුවා නිල් නෙතු ඔබගේ 
දෙඩුවා පෙම් බස් දෙදෙනා දිව රෑ මැදියම නොතකා
නුඹේ කටහඬ නොඇසෙන දා මා ආදර සුදු මියුලැසියේ
හැඟුමන් සිතුවිලි පැටලීලා උන්මත්තක සිත වැලපේ 
මොහොතක් හෝ ඔය නිල් දෑසේ 
කැල්මන් දැක්මට නොහැකි නම්
දිවිය පුරා නුඹ සිහි කරමින් තනිකම මා තුරුලට ගන්නම්......
බිඳිලා ගිය මාගේ ප්‍රේමේ සෝ සුසුමන් රාවේ......

ආදර පෙම් යුවළක් සේ සෙනෙහෙන් ළං වුණු මොහොතේ
සුදු මුහුණේ දුටු සිනහා අදටත් සිත තුළ මැවෙනා
සිත මාගේ රිදවන්නෑමයි සැම විට නුඹ පවසාලා
අද මාගේ සිත රිදවා යන්නේ නොකෙරූ වරදක් හින්දා

මොහොතක් හෝ ඔය නිල් දෑසේ 
කැල්මන් දැක්මට නොහැකි නම්
දිවිය පුරා නුඹ සිහි කරමින් තනිකම මා තුරුලට ගන්නම්......

බිඳිලා ගිය මාගේ......