බිඳි ගිය හිතbindi giya hitha

Bindi Giya Hitha

සංගීතය:
ජගත් කරුණාජීවjagath karunaajiiwa
පද රචනය:
ගෝතමී ඒකනායකgoothamii eekanaayaka

ගී පද

බිඳි ගිය හිත හදාගන්නට එක වචනෙට බැරිවුණා
රැවටුනා යයි හිතාගන්නට තාම මගේ හිත පැටලුනා
එක්ව සිටි අවසාන මොහොතත් කඳුළකින් දිය වී ගියා
මට මගේ යැයි කියාගන්නට වෙන හිතක් තනියට තියා......

වළා පෙලකින් වැසී ගිය සඳ ආයෙමත් එබිකම් කළා
සඳට හොරැහින් වැටුණු කඳුළින් ජනේලය උඩ තෙත් කළා
මතක් කර තර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳ වුණා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා......

කවුරුවත් ළඟ නින්ද යන්නැති නෙතට කඳුළක් හිරවෙලා
මට මගේ යැයි අමතකව හිඳි පුරුදු ළය මත හැංගිලා
මතක් කර තර සතුටු වන්නට තිබූ සෙනෙහෙත් බොඳ වුණා
මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා......