බෙත්ලෙහෙම් පුරේbethlehem puree

BethLehem Pure

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

(බෙත්ලෙහෙම් පුරේ 
දිළිඳු ගවලෙනේ 
ඔරුව තුලේ සිසිලේ නිදයි 
ජේසු බිළින්දා
ජේසු බිළින්දා)..//

(ලෙලෙන කැන් දිදී 
අමුතු තරුවකි)..//
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා// 
මග අහගෙන යති දැක්මට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

සත වෙත කරුණා පිනි දිය ගලනා//
මුඩු උල්පත පාදා දුනි 
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ 
දිළිඳු ගවලෙනේ 
ඔරුව තුලේ සිසිලේ නිදයි 
(ජේසු බිළින්දා
සාමේ රජින්දා)..//