ගී පද
(බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව
තවමත් සුරැකිව මා ලගමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය
එ් කදුලත් සුවඳත් තව එහෙමයි....//)
(අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලැතවුල් වින්දා දෝ...//)
අපිට පුරුදු එ් පුංචි කාමරේ
කෙතරම් සෙනෙහස තිබුණා දෝ.....
බැරි වී ගිය.....
(සමුගෙන යනදා දහසක් දේ අපේ
දෙසිතේ ගොළු වී හැඬුවාදෝ......//)
ඔබගේ සුවඳ රැඳි සිඟිති ලේන්සුව විතරක්
මා ළඟ තිනිවේදෝ.....
බැරි වී ගිය.....