බෙර පදේ තාලbera padhee thaala

Bera Pade Thala

සංගීතය:
රෝහණ බැද්දගේroohana baedhdhagee
පද රචනය:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

ගී පද

බෙරපදේ තාල මත්තට නෑසේද
සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද...

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈතට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද...

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කලට
සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට...

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය...

රජ අණක් වෙතොත් බෑ හැංගිලා ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආපසු එන්ට...