බැද්ද උඩින් මල් වැස්සbaedhdha udin mal waessa

Bedda Udin Mal Wessa

ගී පද

බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා
සද්ද නැතිව හා පැංචෝ ඇදෙනවා
ලන්ද පුරා උන් පිනුම් ගහනවා...

නැද්ද අගේ මල් පිපුණු ලතාවන්
වැන්දු කුරුලු ගී මුකුලු හිනාවන්//
සින්දු කියයි පොඩි මාලු රැලේ උන්
මෙන්න කියනවා රහස් කතාවන්...

බැද්ද උඩින්...

අහස වසාගෙන රිදී වළාවන්
පිරුණු සිනා දී මුකුලු ලතාවෙන්
පියාසලා යන පුංචි කුරුල්ලන්
අහිංසකයිලු අපට වඩා...
බැද්ද උඩින්...//