ගී පද
බෑ නවතන්න
යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ
ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල
වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න
ආදරෙ ඔබටයි මං තවම
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
සුළු කාලේ කෙරු ප්රේමේ
මහ මුහුඳක් සේ දැනුණේ
රත්තරනේ සිත් අරණේ
ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා?
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
අඩමානේ තිබු ප්රේමේ
අවසානේ බව දැනුණේ
ඔය මුහුණේ අමනාපේ
මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕන ද?
ජීවිතේ …