භාවනාවකbhaawanaawaka

Bawanawaka

සංගීතය:
නිසල් ගංගොඩගේnisal gangodagee
පද රචනය:
කෞශික මිලින්දkaushika milindha

ගී පද

භාවනාවක සංසාරේ සිහින පොදි බැන්දා
පාරනා හද සන්තාපේ කඳුළු කැට හින්දා
පාළුවේ දෑසේ මායාවේ සිහිව දුක රන්දා
පාවෙලා යන සන්තෝසේ නිහඬ බව බින්දා......

සං වූ සුසුුම් එවයි අද මං ගොළු වෙලා
දන් දුන් හිතේ නවාතැන යළි තනිවෙලා
හඬනා මේ දුක් ගායනා ආදරේ
ඔබ ගාව ඉන්නම් දෑත අල්ලන්
ඉන්න මාගේ වෙලා ඔයා......
භාවනාවක සංසාරේ සිහින පොදි බැන්දා.....

මං දැන් නුඹේ උණුහුම සිහිනෙන් මවා
දුක තුන් රැයේ තනිකම ළඟ තැවෙනවා
ඔබ මගේ මේ ජීවිතේ මේ ලොවේ
ගියදාම කඳුළින් තෙමුණ හද නම්
දුකම වින්දේ ඔයා නිසා.......

භාවනාවක සංසාරේ......