Battle for Rights (එත් අපි එක පන්තියේ)battle for rights (eth api eka panthiyee)

Battle for Rights (එත් අපි එක පන්තියේ)

සංගීතය:
සාදර බණ්ඩාරsaadhara bandaara
පද රචනය:
චමිඳු මිහිරංගchamindu mihiranga

ගී පද

අනේ හිමියනි ඉදින් නවතිනු සෙබළු බොහොමයි ගැන්සියේ 
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ කෙරුව එකෙකුට වන්නියේ 
එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ 
බංකරේ මා අන්තරේ නුඹ එත් අපි එක පන්තියේ 

ගැටළු ඇති බව මටද වැටහේ හොඳයි නිසි උද්ගෝෂනේ
එත් විසඳුම මෙහෙම පතුරන එකද පාරේ භීෂනේ 
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ 
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ 

දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ 
යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩු පොලු තෝමරේ 
පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ 
අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ 

අනේ හිමියනි ඉදින් නවතිනු....
(එත් අපි එක පන්තියේ)..//