බත කා ඉවරයි (පුරන් අප්පු කවි)batha kaa iwarayi (puran appu kawi)

Batha Ka Iwarai (Puran Appu Kavi)

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
පරාක්‍රම කොඩිතුවක්කුparaakrama kodithuwakku

ගී පද

බත කා ඉවරයි බලමින් උන්නොත් 
ටික කලකින් සිංහල හාලේ 
ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් 
පන්නන්නට සරසෙව් රාළේ...

ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි 
බලු කුක්කට මොන බදුද අනේ 
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් 
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ...

අනේ මගේ ළමයිනේ අඬන විට 
මොනවද නුඹලට මම දෙන්නේ 
බනේ සිටින දෙවියෝ අද ඇත්නම් 
සුද්දව හතරට පලනවානේ...

ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන 
පිපී වැනි ගිය මල් පිපුණා 
කඩුවක කොපුවක ඉන්නට කල් නැත 
කන්දේ යුද ගිනි දැල් නැගුණා...

සප්පායම් වී ජාතික ආලෙන් 
කොස් කොටනා කඩු මුව තියලා 
හපන්නේ කවදද පර සුද්දන් 
සිංහල පොළොවේ කැති ගහලා...

කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස් වෙන සද්දේ
කකුළු වෙසට සුද්දන් කෙළිියාවේ 
ටිකකට උතුරන තුරු හොද්දේ....

සිංහල දරුවන් උඩ විසි කරලා 
අමුණයි බයිනෙත්තුවේ ඉබ්බේ 
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ...

කෙහෙල් කුරුල්ලන් වාගේ රූපු හිස් 
අටඉස් බෙක් විසි වී වැටුණා 
රණබිම මරණය මියුරුය කියලා 
පුරන් අප්පු සටන් වැදුණා...