බැස යන සඳ දෑසින්baesa yana sanda dhaesin

Basa Yana Sanda Dasin

ගී පද

(බැස යන සඳ දෑසින් නවතාලන්නට  බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...//)

නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැර යයි
(ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්...//)

බැස යන සඳ දෑසින්....

මන්දාකිණිය ගලන නිසසල රැයක මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අඳුරේ සැඟවෙයි
(ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්...//)

බැස යන සඳ දෑසින්....//