බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන්baeri bara karee thiyan dhepayata waaru aran

Bari Bara Kare Thiyan

ගී පද

බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා

මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
මම උඹට විවේක දෙනවා
වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
ඔන්න බොල කරත්තෙ යනවා

පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
ණය මට තවමත් ගෙවපන්
මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
උඹවත් වටහල දීපන්

උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා
ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
ඒ ගැන මම දිවුරනවා
උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
මම උඹට පොරොන්දු වෙනවා

බැරි බර කරේ තියන්....