බාප්පාගේ අක්කගේ දුවbaappaagee akkagee dhuwa

Bappage Akkage Duwa

සංගීතය:
සිවිල් වොයිස්siwil woyis
පද රචනය:
සිවිල් වොයිස්siwil woyis

ගී පද

අපේ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව....

අපේ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව
අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොඳුරිය
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරුව ළඳ
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල......

මට විසිහයයි ඇයට විසිතුනයි
අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි
මගේ හඳහන කුජ හතයි යෝජනා කෝටියයි
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි
මට හොරා ම‍ගෙ සිත නුඹ ගැන විපරමයි
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි......

මගේ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය......

නුඹ ලස්සනයි කට හරි සැරයි
නපුරු කමත් ඒ හා සමානමයි
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
ලස්සන නොවෙ මං බලන්නෙ ගති ගුණයි
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි......

මගෙ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය
මම පාන්දරට කෝල් කරන විට waiting ඇයිද සොඳුරිය

ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය 
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය
මගේ කපපු ෆෝන් බිල ගෙවන්න මේ සිංදුව hit වෙයිද....
සොඳුරිය.........