බනින්නෙපාbaninnepaa

Baninnepa

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

බණින්නෙපා පොඩි දෝණිට - ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ- සෙල්ලම් බත් උයන්නයි

දුරුතු පෝයදා කැළණි විහාරේ - වඳින්න ගොස් අපි එන අතරේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ - සෙල්ලම් බත් උයන්නයි

මුට්ටි වළං පොඩි ළිප උඩ තියලා - සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට - දුවගෙ අතින් කවන්නයි